ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
යෙසායා 8:4 - Sinhala New Revised Version මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.” Sinhala New Revised Version 2018 මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.” Sinhala Revised Old Version මක්නිසාද: තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේයයි කීසේක. |
ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.
අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය.
දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මෙය ය: සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය. එය නටබුන් ගොඩක් වන්නේ ය.
ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය; දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය. ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය.
ඒ අහංකාර නායකයන්ගේ තේජස පරවී යන මලක් මෙන් මැලවී යන්නේ ය; අත්තික්කා වාරයේ පළමුවෙන් හටගෙන ඉදුණු පල නෙළාගත් වහා ම කාදමනු ලබන්නාක් මෙන් පහ ව යන්නේ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දමස්කයේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් යකඩ කූරු ඇති කුළුගෙඩිවලින් තළා පෙළන්නා සේ ගිලියද් වැසියන් තළා පෙළූ නිසා ඔවුන්ට මම සත්තකින් ම දඬුවම් කරමි.
දමස්කයේ වාසල් දොරටු සුණු විසුණු කොට, ආවෙන් මිටියාවතේ වැසියන් හා බෙත්-ඒදන්හි අධිපතියා ඉවත් කරන්නෙමි. සිරියාවේ ජනයා හිරකරුවන් වශයෙන් කීර් දේශයට ගෙනයනු ලබන්නෝ ය.” මේ සමිඳාණන් වහන්සේගේ වචනය වේ.
තමන්ගේ දකුණතත් වමතත් අතරේ වෙනස නොදන්න එක් ලක්ෂ විසි දහසකට වඩා මනුෂ්‍යයන් ද ගවයන් ද සිටින නිනිවය නම් ඒ ශ්‍රේෂ්ඨ නගරය කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේ දැ”යි වදාළ සේක.
“තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ‘මොවුන් සතුරන්ට ගොදුරු වනු ඇතැ යි ඔබ සිතූ සිඟිති දරුවන් ද, එකල හොඳ නරක නොදත් ඔබේ දරුදැරියන් ද එහි ඇතුළු වනු ඇත. මා ඒ දේශය ඔවුන්ට දුන් පසු එය ඔව්හු අයිති කරගන්නෝ ය.