යෙසායා 57:18 - Sinhala New Revised Version ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි. Sinhala New Revised Version 2018 ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි. Sinhala Revised Old Version මම ඔහුගේ මාර්ග දුටිමි, ඔහු සුවකරන්නෙමි. මම ඔහුට මගපෙන්වා, ඔහුටත් ඔහු සමඟ වැලපෙන්නන්ටත් නැවත සැනසීම දෙන්නෙමි. |
මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක.
ජීවත් වන සියල්ලන්ට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳ ය.
‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි. මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත. ඔබ මට සැනසීම දී ඇත.
සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට දඬුවම් දෙන සේක; දඬුවම් කර සුව කරන සේක. ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හැරෙනු ඇත. උන් වහන්සේ ද ඔවුන්ගේ කන්නලවු පිළිගෙන ඔවුන් සුවපත් කරනු ඇත.
සමිඳාණෝ නුඹලාට කරුණාව පාන්නට බලා සිටින සේක. එතුමාණෝ සෑම වේලේ ම හරි දේ කරන බැවින් නුඹලාට දයාව දක්වන්න සූදානම් ව සිටින සේක. එතුමන් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය.
සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.
ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.
සමිඳාණෝ මෙසේ වදාරන සේක. “නුඹලා සනසන්නේ මම ය. මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද?
හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.
උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි. සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි. බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.
සමිඳාණන් වහන්සේට විපක්ෂ ව ගිය දරුවෙනි, ආපසු හැරී එන්න. මම නුඹලාගේ ද්‍රෝහිකම නවත්වා නුඹලා සුව කරන්නෙමි. එවිට නුඹලා මෙසේ පිළිතුරු දෙන්නහු ය: ‘මෙන්න අපි ඔබ වහන්සේ වෙත පැමිණ සිටිමු; මන්ද, ඔබ වහන්සේ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.
“සියොන පිටුවහල් කරනු ලැබුවා ය; ඈ ගැන සලකන කිසිවෙක් නැතැ යි නුඹලාගේ සතුරන් කියන නමුත්, මම නුඹලාගේ තුවාළ සුව කර නුඹලාට සුව සෙත යළිත් ගෙන දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි.
එහෙත්, මේ නගරයට මම සුව සෙත ගෙන දෙන්නෙමි. මම සෙනඟ සුවපත් කොට, සාමයෙන්, සුරක්ෂිතතාවෙන් ඔවුන්ට ප්‍රීතිය පෙන්වන්නෙමි.
පිටත් ව, තම පියා වෙත ගියේ ය. ඔහුගේ පියා දුරතියා ම ඔහු දැක, අනුකම්පාවෙන් ඇලළී දුව ගොස්, දෑතින් ඔහුගේ ගෙළ වැළඳ, සිපගත්තේ ය.
ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය.
මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය.