මන්ද, ඔව්හු ඔබ විසින් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනෙන ලද ඔබේ සෙනඟත්, ඔබේ උරුමයත් ය.
යෙසායා 48:10 - Sinhala New Revised Version ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි. Sinhala New Revised Version 2018 ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි. Sinhala Revised Old Version බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උදුණේදී නුඹ තෝරාගතිමි. |
මන්ද, ඔව්හු ඔබ විසින් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනෙන ලද ඔබේ සෙනඟත්, ඔබේ උරුමයත් ය.
එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත; මිනිස් සිත සෝදිසි කර බැලීම සමිඳුන් අතේ ය.
විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.
මා ඔවුන්ගේ පියවරුන්, යකඩ ගිනි උදුනක් වැනි මිසර දේශයෙන් පිටත ගෙනා කල, ඔවුන් සමඟ කළ ගිවිසුම මෙය වේ. ‘මාගේ වචනයට කීකරු වී මා අණ කරන සියල්ල ඉටු කරන්න; එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම නුඹලාගේ දෙවියන් වහන්සේ ද වන්නෙමි’යි මම ඔවුන්ට කීවෙමි.
මේ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ඔවුන් ලෝහ මෙන් උණු කර, පිරිසිදු කර පරීක්ෂා කර බලන්නෙමි. මාගේ සෙනඟ සම්බන්ධයෙන් මම වෙන කුමක් කරම් ද?
තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
එහෙත්, ඔබ ගැන කිව යුතු දේ නම්, යකඩ ගිනි උදුනක් වැනි මිසරයෙන් සමිඳාණන් වහන්සේ ඔබ පිටතට ගෙනාවේ, ඔබ හැම අද දින සිටින්නාක් මෙන් උන් වහන්සේගේ ම උරුමය වූ සෙනඟක් වනු පිණිස ය.
එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.
ප්‍රේමවන්තයෙනි, ඔබ පරීක්ෂා කර බලන පිණිස පැමිණෙන, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.