මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි; රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.
යෙසායා 41:21 - Sinhala New Revised Version ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න. Sinhala Revised Old Version නුඹලාගේ පැමිණිල්ල ඉදිරියට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාගේ බලවත් කාරණා පෙන්වන්නැයි යාකොබ්ගේ රජ්ජුරුවෝ කියනසේක. |
මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි; රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.
‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.
දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “ද්වීපවල හා මුහුදුබඩ වැසියෙනි, මා ඉදිරියේ නිශ්ශබ්ද ව මට සවන් දෙන්න. අධිකරණය ඉදිරියේ නුඹේ නඩුව තබන්න සූදානම් වන්න. කතා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. නිවැරදිකරු කවරෙක් දැ යි විනිශ්චය කිරීමට අපි එක් රැස් වමු.
මම සමිඳාණන් වහන්සේ ය; නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය; ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය. මම නුඹලාගේ රජාණෝ ය.”
සියලු සෙනඟ එක් රැස් කරන්න. ඔවුන් අතර අනාගතය ගැන කියන්න හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගෙන් කවරෙක් දැන් සිදු වන දේ ගැන කලින් කීවෝ ද? මේ අය තමන් නිවැරදි බවත්, ඔවුන් කියන දේ සත්‍ය බවත් ඔප්පු කරන පිණිස සාක්ෂිකාරයන් ඉදිරිපත් කරත් වා!
ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.
අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.