Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 41:1 - Sinhala New Revised Version

1 දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “ද්වීපවල හා මුහුදුබඩ වැසියෙනි, මා ඉදිරියේ නිශ්ශබ්ද ව මට සවන් දෙන්න. අධිකරණය ඉදිරියේ නුඹේ නඩුව තබන්න සූදානම් වන්න. කතා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. නිවැරදිකරු කවරෙක් දැ යි විනිශ්චය කිරීමට අපි එක් රැස් වමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “ද්වීපවල හා මුහුදුබඩ වැසියෙනි, මා ඉදිරියේ නිශ්ශබ්ද ව මට සවන් දෙන්න. අධිකරණය ඉදිරියේ නුඹේ නඩුව තබන්න සූදානම් වන්න. කතා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. නිවැරදිකරු කවරෙක් දැ යි විනිශ්චය කිරීමට අපි එක් රැස් වමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ද්වීපයෙනි, මා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න; ජනයෝ තමුන්ගේ සවිය අලුත්කරගන, ළංව, පසුව කථාකෙරෙත්වා. අපි එක්ව විනිශ්චය පිණිස ළඟාවෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 41:1
22 හුවමාරු යොමු  

‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ වැඩ සිටින සේක; මුළු පොළොව උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා!


සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.


නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;


ජාතීනි, ළං වන්න; ජනයෙනි, සවන් දෙන්න. මුළු පොළොව ද එහි වැසි සියල්ලන් ද පැමිණ සවන් දෙන්න.


ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.


එඩිතර ව මිනිසෙකු මෙන් නැඟිට සිට මාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.


මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය; එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා!


මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක.


දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය.


එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.


මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය. ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ.


සියලු සෙනඟ එක් රැස් කරන්න. ඔවුන් අතර අනාගතය ගැන කියන්න හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගෙන් කවරෙක් දැන් සිදු වන දේ ගැන කලින් කීවෝ ද? මේ අය තමන් නිවැරදි බවත්, ඔවුන් කියන දේ සත්‍ය බවත් ඔප්පු කරන පිණිස සාක්ෂිකාරයන් ඉදිරිපත් කරත් වා!


අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්