යෙසායා 40:6 - Sinhala New Revised Version “පණිවුඩයක් ප්‍රකාශ කරන්නැ”යි හඬක් කී ය. “කුමන පණිවුඩයක් ප්‍රකාශ කරම් දැ”යි මම ඇසීමි. “සකල මිනිස් වර්ගයා තණ කොළ හා සමාන වෙති; ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහ වී යයි. Sinhala New Revised Version 2018 “පණිවුඩයක් ප්‍රකාශ කරන්නැ”යි හඬක් කී ය. “කුමන පණිවුඩයක් ප්‍රකාශ කරම් දැ”යි මම ඇසීමි. “සකල මිනිස් වර්ගයා තණ කොළ හා සමාන වෙති; ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහ වී යයි. Sinhala Revised Old Version මොරගසන්නැයි කියන කෙනෙකුගේ හඬක් වේ. මම කුමක් කියා මොරගසම්දැයි කෙනෙක් ඇසීය. මාංසමයවූ සියල්ලෝ තෘණය, ඔවුන්ගේ සියලු අලංකාරය කෙතේ මලක් මෙන්ය. |
දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.
සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
එහි සිටි සෙනඟ බෙලහීන ය; ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය. ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ.
මෙසේ කියන හඬට සවන් දෙන්න: “වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එළි කරන්න; පාළුකරයේ අපේ දෙවිඳුන් හට මහ පාරක් සාදන්න.
සමිඳාණෝ මෙසේ වදාරන සේක. “නුඹලා සනසන්නේ මම ය. මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද?
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.
“ගොස්, ජෙරුසලමේ වැසියන්ට ඇසෙන ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය ප්‍රකාශ කරන්න. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්ත ව සිටි හැටිත්, භාර්යාවකට මෙන් මා නුඹට ප්‍රේම කළ හැටිත්, නොවපුළ දේශයක් වූ පාළුකරයෙහි නුඹ මා පසුපස්සේ ආ හැටිත් මම සිහි කරමි.
මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.”
“ගිබියාහි හොරණෑවක් ද රාමාහි නළාවක් ද පිඹින්න. බෙත්-ආවෙන් හි යුද්ධ ඝෝෂා නඟන්න. අහෝ! බෙන්ජමින් සෙනඟෙනි, සතුරා ඔබ පස්සේ ය.
මා සමඟ කතා කළ දේව දූතයා මෙසේ කී ය: “කෑමොරගසන්න, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලමට හා සියොන්ට මම ඉමහත් ප්‍රේමයකින් ප්‍රේම කරමි.