ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;
යෙසායා 40:29 - Sinhala New Revised Version එතුමාණෝ, ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙන සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ, ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙන සේක. Sinhala Revised Old Version උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක. |
ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;
අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”
සිය ශුද්ධස්ථානයෙහි වසන දෙවිඳාණෝ බියජනක ය; එතුමාණෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ ය. එතුමාණෝ සෙනඟට බලය ද ශක්තිය ද දෙන සේක. දෙවිඳුන්ට පැසසුම් වේ වා!
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි.
ඔවුන්ගේ ශක්තිය සමිඳාණන් වහන්සේ කෙරෙහි ය. ඔව්හු උන් වහන්සේට කීකරු වන්නෝ ය.” මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.
එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු.
ධෛර්යයෙන් ද ඉවසිල්ලෙන් ද ප්‍රීතියෙන් ද සියල්ල දරාගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය මහිමාන්විත බලපරාක්‍රමය අනුව සියලු ආකාර බලයෙන් ඔබ ශක්තිමත් කරන සේක් වා.
රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.
එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ.