යෙසායා 40:17 - Sinhala New Revised Version සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත. ඔව්හු හිස් ය; ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත. Sinhala New Revised Version 2018 සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත. ඔව්හු හිස් ය; ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත. Sinhala Revised Old Version සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති. |
බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.
පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදා ද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ල ද සිහිනයක් මෙන්, රාත්‍රියේ මවාගත් සිතිවිලි මාත්‍රයක් මෙන්, පහ වී යනු ඇත.
නුඹ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. නුඹේ වාසය මෘගයන් සමඟ වන්නේ ය; නුඹට ගවයන්ට මෙන් තණ කොළ කවනු ලබන්නෙහි ය. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් නුඹ දැනගන්න තුරු අවුරුදු සතක් නුඹ එසේ ගත කරන්නෙහි ය.”
මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.