යෙසායා 33:9 - Sinhala New Revised Version දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ. Sinhala New Revised Version 2018 දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ. Sinhala Revised Old Version දේශය ශෝකවී මැලවේ. ලෙබනොන් ලජ්ජාවී වියලෙයි. ෂාරොන් කාන්තාරයක් මෙන්ය; බාෂාන් සහ කර්මෙල් කොළ හෙළාදමයි. |
වනය මැද ඇති ගස් පොරොවකින් කපාදමනු ලබන සේ සමිඳාණෝ ඔවුන් සිඳදමන සේක. ලෙබනොන්හි අනගි ගස් ඇද වැටෙන්නා සේ ඔව්හු ඇද වැටෙති.”
ලෙබනොන්හි දේවදාර හා කිහිරි ගස් රජුගේ වැටීම ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි. මන්ද, රජුගේ ඇවෑමෙන් පසු ඒවා කපා දැමීමට කිසිවෙක් නැත.
සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක.
ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමාණෝ විපත්තිය පමුණුවන සේක. එකල හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය. නගරය වුව ද, පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේ ය.
නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.
එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.
නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.
මා නමදින මාගේ සෙනඟ උදෙසා ෂාරොන් පෙදෙස, එළු බැටළු රැළවලට තණ බිමක් ද ආකොර් මිටියාවත, ගව රැළවලට ලැගුම් පළක් ද වන්නේ ය.
ඉශ්රායෙල් ජනයා යළිත් ඔවුන්ගේ දේශයට පමුණුවන්නෙමි. ඔව්හු කර්මෙල්හි ද බාෂාන්හි ද වැවෙන ආහාරයෙන් පෝෂණ වන්නෝ ය. එප්‍රායිම් හෙල් පිට ද ගිලියද්හි ද වැවෙන සියලු දේ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නෝ ය.
එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය.
ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”
සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.
උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි.
තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු.