අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.
යෙසායා 33:22 - Sinhala New Revised Version ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත. Sinhala New Revised Version 2018 ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත. Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක. |
අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.
ඔබ මාගේ රජිඳාණෝ ය; ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබේ අණ පරිදි ඔබ සෙනඟට ජය සිරි අත් කර දෙන සේක.
දෙවිඳුනි, පුරාතනයේ සිට ම ඔබ අපේ රජතුමාණෝ ය; ලෝ පුරා ගැළවීමේ ක්‍රියාවල කතුවරයාණෝ ඔබ වහන්සේ ය.
එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.
සමිඳුනි, ඔබ අපේ ආරක්ෂාකරු අපට තෝරා දුන් සේක. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජු අපට දුන් සේක.
මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.
එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
එවිට දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු රජ වී අවංක ලෙස ද ප්‍රේමයෙන් ද ආණ්ඩු කරනු ඇත; හරි දේ කිරීමටත්, යුක්තිය ඉටු කිරීමටත් යුහුසුලු වනු ඇත.”
මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
එවිට, හඳ අඳුරු වන්නේ ය; ඉර නොබැබළෙන්නේ ය. මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි. එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක. එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.
එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.”
සියලු දිශාවල පැතිර ඇති දේශයක් කෙරෙහි තේජසින් පාලනය කරන රජ කෙනෙක් නුඹලාට නැවත දකින්න ලැබෙන්නේ ය.
බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”
ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න.
ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.
සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “සැබැවින් ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගනු ලබන්නෝ ය. කෲරතර රජුගෙන් හිරකරුවෝ මුදාගනු ලබන්නෝ ය. නුඹට එදිරිවාදිකම් කරන අයට විරුද්ධ ව නුඹේ දරුවන් මුදාගන්නෙමි.
නුඹට පීඩා කරන්නන්ට ඔවුන්ගේ ම මාංසය කන්න සලස්වන්නෙමි. මත්පැන් බී මත් වන සේ, ඔව්හු තමන්ගේ ම ලේ බී, මත් වන්නෝ ය. එවිට මා සමිඳාණන් වන බවත්, නුඹලා මුදා නිදහස් කරන තැනැන් වහන්සේ බවත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණන් බලවත් බවත් මුළු මිනිස් වර්ගයා දැනගනු ඇත.”
මාගේ සෙනඟෙනි, මට සවන් දෙන්න. මාගේ ජනයෙනි, මා කෙරෙහි කන් යොමු කරන්න. ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත් වන්නේ ය. මාගේ සාධාරණකම ජාතීන්ට එළියක් වන්නේ ය.
ඔවුන් ගැළවීමට මම ඉක්මනින් පැමිණෙන්නෙමි. මාගේ ජයග්‍රහණය ආසන්න ය. මම ම ජාතීන් පාලනය කරන්නෙමි. ඈත රටවල් මා එන තෙක් බලා සිටියි. මා ඔවුන්ට ගැළවීම ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු සිටිති.
දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපණත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න.
මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.
සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.
“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි.
එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතා කොට, ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.
මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.
එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය.
මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු.
“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුණු සේක. දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.
මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක.
ඇත්තේ එක ම නීති දායකයෙකි; එක ම විනිශ්චයකාරයෙකි. ගළවන්නට ද විනාශ කරන්නට ද පුළුවන්කම ඇත්තේ උන් වහන්සේට පමණකි. එසේ නම් ඔබේ අසල්වැසියා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද?
උන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කලවයෙහි ද “රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ.
එහෙත්, අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් ඔබට විරුද්ධ ව එන බව ඔබ දුටු කල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ රජ ව සිටි නමුත්, ඔබ කතා කරමින්, ‘එසේ නොවේ, අප කෙරෙහි රජ කරන පිණිස අපට රජ කෙනෙක් ඕනෑ ය’යි කීවහු ය.