එම්බා ශිඛර බහුල කන්ද! දෙවිඳාණන් තමන් නිවෙස ලෙස තෝරාගත් කන්ද දෙස ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන් ද? සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.
යෙසායා 2:14 - Sinhala New Revised Version උස් කඳු හෙල් සියල්ල ද උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක; Sinhala New Revised Version 2018 උස් කඳු හෙල් සියල්ල ද උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක; Sinhala Revised Old Version උස්වූ කඳුවලට විරුද්ධවද උසස්ව තිබෙන සියලු හෙල්වලට විරුද්ධවද; |
එම්බා ශිඛර බහුල කන්ද! දෙවිඳාණන් තමන් නිවෙස ලෙස තෝරාගත් කන්ද දෙස ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන් ද? සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.
ඔබේ සතුරන්ගේ බලකොටු වැටී, සතුරන් මරාදමන දවසේ දී, පර්වත හා කඳු මුදුන්වලින් ජලධාරා ගලා එන්නේ ය.
සියලු මිටියාවත් පුරවනු ලබන්නේ ය; සියලු කඳු හෙල් කපා පහත් කරනු ලබන්නේ ය; සියලු හෙල් සමතලා කරනු ලබන්නේ ය; රළු තැන් සුමුදු කරනු ලබන්නේ ය;
බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු.