ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.
යෙසායා 19:8 - Sinhala New Revised Version නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය; එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය; දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය. Sinhala New Revised Version 2018 නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය; එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය; දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය. Sinhala Revised Old Version නයිල් ගඟේ බිළිබාන සියල්ලෝ ශෝකවන්නෝය, ජලය පිට දැල් හෙළන්නෝද මලානිකවන්නෝය. |
ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.
මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති.
බබිලෝනිවරු බිලිකටුවලින් මිනිසුන් අල්ලා ගනිති; දැල් දමා ඇදගෙන, අතංගුවෙන් ඔවුන් එකතුකර ඒ ගැන ප්‍රීති වෙමින් උදන් අනති.
අප මිසර දේශයේ දී නොමිලේ කෑ මාලු ද පිපිඤ්ඤ, කොමඩු, ලීක්ස්, රතු ලූනු හා සුදු ලූනු ද අපට මතක ය.
‘අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත’ කියන දරුවන්ට එය සමාන ය.