Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 19:8 - Sinhala Revised Old Version

8 නයිල් ගඟේ බිළිබාන සියල්ලෝ ශෝකවන්නෝය, ජලය පිට දැල් හෙළන්නෝද මලානිකවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය; එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය; දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය; එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය; දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 19:8
6 හුවමාරු යොමු  

ඔහු බිළිකටුවෙන් සියල්ලන් අල්ලාගන්නේය, තමාගේ දැලෙන් ඔවුන් ඇදගන, තමාගේ අතංගුවෙන් ඔවුන් එකතුකරගන්නේය. ඉන්නිසා ඔහු ප්‍රීතිව සන්තෝෂවන්නේය.


මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය


මිසරයෙහිදී අප නොමිලයේ කෑවාවූ මාලුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූනුද සුදුලූනුද අපට මතක්වෙයි.


ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.


නුඹලාට විලාපකීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළඳාම්පළවල හිඳ තමුන්ගේ යහළුවන්ට හඬගසා කියන්නාවූ ළමයින්ට සමානය.


ඒ පිණිස ඔහු තමාගේ දැල හිස්කොට ජාතීන් නිතරම මරා දැමීමෙන් නොවැලකෙන්නේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්