සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
යෙසායා 19:25 - Sinhala New Revised Version සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කොට, “මාගේ සෙනඟ වන මිසරයටත්, මාගේ මැවිල්ල වන අසිරියාවටත්, මාගේ තෝරාගත් සෙනඟ වන ඉශ්රායෙල්ටත් මම ආශීර්වාද කරන්නෙමි”යි කියන සේක. Sinhala New Revised Version 2018 සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කොට, “මාගේ සෙනඟ වන මිසරයටත්, මාගේ මැවිල්ල වන අසිරියාවටත්, මාගේ තෝරාගත් සෙනඟ වන ඉශ්රායෙල්ටත් මම ආශීර්වාද කරන්නෙමි”යි කියන සේක. Sinhala Revised Old Version මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ සෙනඟවූ මිසරයටත් මාගේ හස්තකර්මාන්තයවූ අෂූර්ටත් මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ටත් ආශීර්වාදවේවයි කියා ඔවුන්ට ආශීර්වාදකළසේක. |
සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
ඒ දවස පැමිණි විට ඉශ්රායෙල් දේශය මිසරය හා අසිරියාව සමඟ උරෙන් උර ගැටෙන්නේ ය. ඒ ජාති තුන ම මුළු ලොවට ආශීර්වාදයක් වන්නෝය.
ඒ දවස පැමිණි විට අසිරියාවේ හා මිසරයේ වහල්කමට ගෙන යන ලද සියලු ඉශ්රායෙල් සෙනඟ ආපසු ගෙනෙනු ලබන පිණිස හොරණෑවක් පිඹිනු ලබන්නේ ය. ඔවුන් ජෙරුසලමට අවුත් උන් වහන්සේගේ මේ ශුද්ධ කන්දේ දී උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
මා නුඹලාට දෙන දරුවන් නුඹලා දකින්නහු ය. එවිට මා, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. නුඹලා මට ගෞරව කොට මා කෙරෙහි ගරුබියෙන් සිටින්නහු ය.
ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?
සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය. ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.”
සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.
එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.
ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.
ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නැත; සියලු දේ මවා ඇත්තේ එතුමාණෝ ය; ඉශ්රායෙල් සෙනඟ එතුමාණන් තෝරාගත් සෙනඟ ය. සව් බලැති සමිඳාණෝ යනු එතුමාණන්ගේ නාමය වේ.
පල අනුභව කිරීම පිණිස ද යහපත් දේ භුක්ති විඳීම පිණිස ද මා නුඹලා සාරවත් දේශයකට පැමිණෙවූ නමුත්, නුඹලා ඒ දේශයට ඇතුළු වී, එය කෙලෙසා මාගේ උරුමය පිළිකුලක් කළහු ය.
මාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”
ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”
ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමට සමිඳාණන් වහන්සේ කැමැති බව බාලාම් දැනගත් විට, ඔහු කලින් කළාක් මෙන්, සුබ ලකුණු බැලීමට නොගොස් පාළුකරය දෙසට හැරුණේ ය.
‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ “
දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක් ද? විජාතීන්ගේත් දෙවියන් වහන්සේ නොවන සේක් ද? එසේ ය, විජාතීන්ගේත් දෙවියන් වහන්සේ ය.
ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!
මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.
ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.
වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.