ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 17:1 - Sinhala New Revised Version

දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මෙය ය: සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය. එය නටබුන් ගොඩක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මෙය ය: සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය. එය නටබුන් ගොඩක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දමස්කය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක්කරනු ලැබ ජරාවාස ගොඩක් වන්නේය.

පරිච්ඡේදය බලන්න



යෙසායා 17:1
24 හුවමාරු යොමු  

එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.


එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, “මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය.


දාවිත් ශෝබායේ මිනිසුන් මරාදමන කල ඔහු තමා ළඟට මිනිසුන් කීප දෙනෙකු රැස් කරගෙන මංකොල්ලකාර හමුදාවක අධිපතියා විය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසය කරමින් දමස්කයෙහි රජකම් කළෝ ය.


අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.


දමස්කයේ සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්න ආවෝ ය. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහර දී,


තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.


ඒ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සිරියාවේ රජු අතට පාවා දුන් සේක. සිරියන්වරු ඔහුට පහර දී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙන ගියෝ ය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවූයෙන් ඒ රජ තෙමේ මහා ඝාතනයකින් ඔහු පරාජය කෙළේ ය.


කල්නෝ හා කර්කෙමිෂ් නගර, හමාත් හා අර්පත් නගර මම ජය ගතිමි. සමාරිය හා දමස්කය මම ජය ගතිමි.


මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:


මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය: “එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී; මෝවබ් දේශය පුරා විනාශය ඇත.


මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.


ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ.


මේ සියල්ල කරන්න මා පුරාණයේ සිට ම අදහස් කර අධිෂ්ඨාන කළ බව නුඹ නොදන්නෙහි ද? ඒවා දැන් මම ඉටු කෙළෙමි. පවුරු ඇති නගර නාස්ති කොට ඒවා නටබුන් ගොඩවල් කරන්න නුඹට බලය දුන්නේ මම ය.


ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.


මන්ද, සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ; දමස්කය රෙශීන් රජුට වඩා බලවත් නොවේ. ඉශ්රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ, හැටපස් වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බව ය.


මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.”


මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


“එබැවින් මම සමාරිය නටබුන් රටක් කරන්නෙමි. එය සුදුසු වන්නේ මිදි වගාවට පමණි. මම ඒ නගරයේ ගල්, මිටියාවතට හෙළා දමා එහි අත්තිවාරම මතු කර දක්වන්නෙමි.


“එබැවින් ඔබ නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාවේ කන්ද කැළෑවක් සහිත කඳු මුදුනක් වන්නේ ය.”


මෙය දිව්‍ය ප්‍රකාශනය වේ: “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය හද්‍රාක් දේශයටත්, දමස්කස් නගරයටත් විරුද්ධ ව පැමිණ ඇත. ඉශ්රායෙල්හි සියලු ගෝත්‍ර පමණක් නොව, ආරාම්හි අග නුවරත් සමිඳාණන් වහන්සේට අයිති ය.


ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.


ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය.