Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 49:2 - Sinhala New Revised Version

2 මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:2
22 හුවමාරු යොමු  

ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.


ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා! ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!


සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා! සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!


ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.


දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මෙය ය: සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය. එය නටබුන් ගොඩක් වන්නේ ය.


අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.


අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද?


කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.


“නපුරු ද දුෂ්ට ද වන ඉශ්රායෙල් අධිපතිය, නුඹට අවසන් දඬුවම් දීමේ කාලය පැමිණ ඇත.


රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.


“නෙගෙබ්හි සිටින අය ඒසව් කන්ද අයිති කරගන්නෝ ය. පහත රටේ අය පිලිස්තිවරුන්ගේ දේශය යටත් කරගන්නෝ ය. ඔව්හු එප්‍රායිම් හා සමාරියේ ගම්බිම් ද බෙන්ජමින්වරු ගිලියද් දේශය ද හිමි කරගන්නෝ ය.


නුඹලාගේ දේශයෙහි, නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධ ව නුඹලා සටන් කරන විට රණ හඬ නඟින ලෙස හොරණෑ පිඹිය යුතු වේ. නුඹලාගේ දෙවියන් වන සමිඳාණන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදාගනු ලබන්නහු ය.


ඉශ්රායෙල්වරු මෙසේ අමෝරිවරුන්ගේ මේ නගර සියල්ල ම අල්ලාගත්හ. ඉන්පසු ඔව්හු හෙෂ්බොන් ඇතුළු ඊට යාබද සියලු නගරවල පදිංචි වූ හ.


ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය.


“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”


තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.


ජෝසෙප්ගේ පරපුරේ අය කතා කොට, “කඳු රට අපට මදි ය. මිටියාවත් රටෙහි, එනම්, බෙත්-ෂෙයාන්හි ද ඊට අයිති නගරවල ද ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි ද වාසය කරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේ ය”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්