එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා දිවුළ සේක.
යූද් 1:5 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි. සිංහල කාලීන පරිවර්තනය ඔබ මෙය මුළුමනින් දැන සිටියත්, මේවා ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි; එක් වරක් ස්වාමින්වහන්සේ ජනතාවක් ඊජිප්තු දේශයෙන් මුදා, විශ්වාස නො කළවුන් පසුව විනාශ කර දැමූ වග Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි. Sinhala Revised Old Version ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි. |
එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා දිවුළ සේක.
තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.
එහෙත් ඔබට ඇතැම් කරුණු සිහි කර දීමක් වශයෙන් මේ හසුනේ සමහර තැන්වල නිර්භීත ලෙස ඔබ වෙත ලියා ඇත.
දේව හඬ අසා, ඉන්පසු කැරලි ගැසුවෝ කවරහු ද? ඔව්හු මෝසෙස්ගේ මඟපෙන්වීම ඇති ව මිසරයෙන් නික්ම ආ සියල්ලෝ නොවෙත් ද?
ප්‍රේමවන්තයෙනි, දැන් මෙය මා ඔබ වෙත ලියා එවන දෙ වන හසුන ය. මාගේ මේ හසුන් දෙකින් ම ඔබට යම් යම් දේ සිහිගන්වා, ඔබ තුළ සිත් පිබිදවීමක් ඇති කිරීමට උත්සාහ කළෙමි.
මා ඔබට ලියා එවූයේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව, එය දන්නා නිසාත්, සත්‍යයෙන් කිසි බොරුවක් හට නොගන්නා බව දන්නා නිසාත් ය.