හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය.
පිලිප්පි 4:10 - Sinhala New Revised Version බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිඳාණන් වහන්සේ තුළ මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුළ තිබිණි. එහෙත් එය පෙන්වීමට ඉඩප්‍රස්තාවක් නො වී ය. සිංහල කාලීන පරිවර්තනය කලකට පසු මා ගැන ඔබගේ සැලකිල්ල අලුත්වීම ගැන ස්වාමින්වහන්සේ තුළ මම බෙහෙවින් ප්‍රීති වෙමි. ඇත්තෙන්ම කවදත් ඔබ මා ගැන සැලකිලිමත් වූ නමුදු, එය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ඔබට ලැබුණේ නැත. Sinhala New Revised Version 2018 බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිඳාණන් වහන්සේ තුළ මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුළ තිබිණි. එහෙත් එය පෙන්වීමට ඉඩප්‍රස්තාවක් නො වී ය. Sinhala Revised Old Version මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනාකිරීමට නුඹලා නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බොහෝසෙයින් ප්‍රීතිවෙමි. ඒ ගැන නුඹලා ඇත්තටම කල්පනාකළහුය, නුමුත් ප්‍රස්තාවක් ලැබුණේ නැත. |
හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය.
ඔවුන් යළිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත; උයනක් සේ සමෘද්ධ වී මිදි වැලක් සේ පල දරනු ඇත; ලෙබනොන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත.
තවද, ඔබ අතර සිටිය දී, අගහිඟකම් ඇති වූ විට කිසිවෙකුට බරක් නොවීමි. මසිදෝනියාවෙන් ආ සහෝදරයෝ මාගේ අගහිඟකම් පිරිමැසූ හ. සියල්ලෙහි දී ඔබට බරක් නොවී සිටීමට ඉටාගතිමි. මතු ද එසේ කරන්නෙමි.
එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු.
මන්ද, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානම් ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි.