ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 6:18 - Sinhala New Revised Version

කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ඔහු ආරාගේ පුත්‍රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්‍රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 6:18
7 හුවමාරු යොමු  

හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.


ආරාන්ගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑපස්දෙනෙක් ය.


ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.


ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.


තවද, ඒ දවස්වල දී ජුදාහි නායකයෝ ලියුම් බොහොමයක් ටෝබියාට යැව්වෝ ය. ටෝබියාගෙන් ද ඔවුන්ට ලියුම් ලැබුණේ ය.


තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය.


ආරාගේ පුත්‍රයෝ හයසිය පණස්දෙදෙනෙක් ය.