ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 6:15 - Sinhala New Revised Version

පණස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පවුර වනාහි පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස්වෙනිදා තීන්දු විය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 6:15
7 හුවමාරු යොමු  

ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය.


දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී.


පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ.


ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.


සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක. විප්‍රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක.


එබැවින් මෙය දැනගෙන තේරුම්ගන්න. ජෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්නට කියා ආඥාව නිකුත් වූ තැන් පටන්, අභිෂේක ලත් අධිපතියාගේ පැමිණීම දක්වා සති හතක් ගත වන්නේ ය. ඉන්පසු කරදර සහිත සති හැටදෙකක කාලය තුළ වුව ද එහි වීථි ද ප්‍රාකාර ද නැවත ගොඩනඟනු ලැබේ.