Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:25 - Sinhala New Revised Version

25 එබැවින් මෙය දැනගෙන තේරුම්ගන්න. ජෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්නට කියා ආඥාව නිකුත් වූ තැන් පටන්, අභිෂේක ලත් අධිපතියාගේ පැමිණීම දක්වා සති හතක් ගත වන්නේ ය. ඉන්පසු කරදර සහිත සති හැටදෙකක කාලය තුළ වුව ද එහි වීථි ද ප්‍රාකාර ද නැවත ගොඩනඟනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:25
32 හුවමාරු යොමු  

එකල ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ නැවතුණේ ය; පර්සියාවේ රජ වූ දාරියුස්ගේ රාජ පාලනයේ දෙ වන අවුරුද්ද දක්වා එය නැවතී තිබිණි.


ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය.


ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.)


දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි.


අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.


“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”


නුඹ කන්නලව් කරන්නට පටන්ගත් විට ආඥාවක් දෙන ලද්දේ ය. එය නුඹට දන්වන්නට මම පැමිණියෙමි. මන්ද, නුඹ විශේෂයෙන් තෝරා ගනු ලැබූ කෙනෙකි. ඒ නිසා කාරණය සලකා බලා දර්ශනය තේරුම්ගන්න.


ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි.


පණස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී.


ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්‍රණය කළෝ ය.


එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.


උන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කලවයෙහි ද “රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ.


මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.


එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය.


මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ.


“තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.


“එබැවින් දානියෙල් දිවැසිවරයා සඳහන් කළ, ‘බිහිසුණු දූෂිතය, ශුද්ධස්ථානයෙහි තිබෙනු ඔබ යම් කලක දකින්නහු ද, (පාඨකයා තේරුම්ගනීවා)


එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය.


මාගේ සතුරෝ මට විරුද්ධ ව කතා කරන්නෝ ය. මගේ පණ නැසීමට බලා සිටින්නෝ එකට කුමන්ත්‍රණය කරන්නෝ ය.


එස්රා, රජුගේ සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දී ජෙරුසලමට ආවේ ය.


මේ සිද්ධිවලින් පසු, පර්සියාවේ අර්තක්ෂස්තාගේ රාජ්‍ය කාලයේ දී එස්රා නම් මිනිසෙක් සිටියේ ය. එස්රා සොරායාගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය.


රජ ශාදොක්ට කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත.


කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.


පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, “ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය.


පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.”


ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, “මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය.


මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;


හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්