තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.
නෙහෙමියා 3:19 - Sinhala New Revised Version ඔවුන්ට පසු ව මිශ්පායේ අධිපතියා වූ ජේෂුවාගේ පුත් එශෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැඟුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ට පසු ව මිශ්පායේ අධිපතියා වූ ජේෂුවාගේ පුත් එශෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැඟුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. Sinhala Revised Old Version ඔහු ගාව මිශ්පායේ අධිපතියාවූ යේෂුවාගේ පුත්‍රවූ එසෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැගුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියාකෙළේය. |
තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.
ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද;
තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය.
මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.
ඔහුට පසු ව ඔහුගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.