ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.
නෙහෙමියා 3:13 - Sinhala New Revised Version මිටියාවතේ දොරටුව හානුන් ද ශානොවේ වැසියෝ ද අලුත්වැඩියා කළෝ ය. ඔව්හු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් මීටර් හාරසිය හතළිහක් ද අලුත්වැඩියා කළෝ ය. Sinhala New Revised Version 2018 මිටියාවතේ දොරටුව හානුන් ද ශානොවේ වැසියෝ ද අලුත්වැඩියා කළෝ ය. ඔව්හු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් මීටර් හාරසිය හතළිහක් ද අලුත්වැඩියා කළෝ ය. Sinhala Revised Old Version මිටියාවතේ දොරටුව හානූන්ද සානොවේ වැසියෝද අලුත්වැඩියාකළෝය; ඔව්හු ඒක ගොඩනගා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් රියන් දාහක්ද අලුත්වැඩියාකළෝය. |
ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.
තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.
ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය.
නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා,
මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.