දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.
නෙහෙමියා 2:20 - Sinhala New Revised Version එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි. Sinhala New Revised Version 2018 එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි. Sinhala Revised Old Version එවිට මම ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගයේ දෙවියන්වහන්සේම අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් උන්වහන්සේගේ සේවකයෝවූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නුමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි. |
දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.
එහෙත්, සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද ඉශ්රායෙල් පිය වංශවල සෙසු ප්‍රධානීහු ද ඔවුන්ට කතා කොට, “අපේ දෙවියන් වහන්සේට මාලිගාවක් ගොඩනැඟීමේ දී ඔබ අප සමඟ එක් වීමෙන් අපට කිසි වැඩක් නැත. පර්සියාවේ සයිරස් රජ අපට අණ කර තිබෙන පරිදි, අපි පමණක් ම ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේට එය ගොඩනඟන්නෙමු”යි කී හ.
මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:
එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට,
“කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.”
ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු; අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු. සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා!
මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්‍රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්‍රීති වන සේක.”
ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය.
මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය. එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය.
පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
ඉන්පසු පේළි දෙකේ ම පිරිසිදු තුවරලා දැමිය යුතු ය. මෙලෙස රොටි මත වැටෙන තුවරලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුද කරන ආහාර පූජාවක් සිහිවීමේ ලකුණක් වනු ඇත.
ඒ ඔටුන්න වනාහි, හෙල්දියාගේ ද ටෝබියාගේ ද ජෙදායාගේ ද ජොෂියාගේ ද ගෞරවාන්විත සිහිවටනයක් සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තබා තිබේ.
ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය;
දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, “ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, “ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත.
මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත.