මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ.
නෙහෙමියා 11:22 - Sinhala New Revised Version ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය. Sinhala New Revised Version 2018 ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය. Sinhala Revised Old Version යෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ මුලාදෑනියා නම් ගීතිකාකාරයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මීකාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත්‍රවූ බානීගේ පුත්‍රයා වන උස්සීය; ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩපළ කෙරෙහි පත්ව සිටියේය. |
මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ.
ඒ හැර හෂබියා ද ඔහු සමඟ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ජෙෂායා ද ඔහුගේ සහෝදරයෝ ද ඔවුන්ගේ පුත්‍රයන් විසිදෙනෙක් ද එවන ලදහ.
දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද
බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.
සික්රීගේ පුත් ජෝවෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය. හස්සෙනුවාගේ පුත් ජුදා තෙම නගරයේ දෙවැන්නා ව සිටියේ ය.
නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ
මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.
මන්ද, පෙර දාවිත්ගේ ද ආසාප්ගේ ද කාලයේ පටන් ගායකයන්ගේ ප්‍රධානියෙක් සිටියේ ය. එපමණක් නොව දෙවියන් වහන්සේට තුති පැසසුම් ගී ද ගයනු ලැබී ය.
මම ඒ ගබඩා පූජක වූ ෂෙලෙමියාට ද ලේකම්වරයා වූ ශාදොක්ට ද ලෙවීවරුන්ගෙන් පෙදායාට ද ඔවුන්ගේ සහකාර මත්තනියාගේ පුත් ශක්කුර්ගේ පුත් හනාන්ට ද බාර කෙළෙමි. කුමක් නිසාද, ඔව්හු විශ්වාස අය ලෙස සලකන ලද්දෝ ය. තමන්ගේ සහෝදරයන්ට හිමි කොටස් බෙදා දීම ඔවුන්ගේ යුතුකම විය.
ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.
ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.