එවිට පාරාවෝ, ශාස්ත්‍රවන්තයන් හා අනවිනකාරයන් කැඳවී ය. මිසරයේ ඒ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස ම කළහ.
නික්මයාම 7:12 - Sinhala New Revised Version ඔවුන් සැම දෙනෙකු ම තම තමන්ගේ සැරයටි බිම දැමූ විට ඒවා සර්පයෝ වූ හ. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලදැමී ය. Sinhala New Revised Version 2018 ඔවුන් සැම දෙනෙකු ම තම තමන්ගේ සැරයටි බිම දැමූ විට ඒවා සර්පයෝ වූ හ. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලදැමී ය. Sinhala Revised Old Version මක්නිසාද ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය හෙළූකල ඒවා සර්පයෝ වුණෝය. නුමුත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලගත්තේය. |
එවිට පාරාවෝ, ශාස්ත්‍රවන්තයන් හා අනවිනකාරයන් කැඳවී ය. මිසරයේ ඒ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස ම කළහ.
සමිඳාණන් වහන්සේ වදාළ ලෙස පාරාවෝගේ හිත දැඩි වූයෙන්, ඔහු මෝසෙස් සහ ආරොන් කී දේ සැලකුවේ නැත.
එවිට ගඩු නිසා ඉන්ද්‍රජාලිකයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්න නොහැකි විය. මන්ද, ඉන්ද්‍රජාලිකයන් හා මිසර වාසීන් සියල්ලන් මත ගඩු හට ගැනිණි.
එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ. මන්ද, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි.
ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය.