නික්මයාම 38:4 - Sinhala New Revised Version තවද, ඊට දැලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා, පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම්, එහි ගැටිය යට එය තැබී ය. Sinhala New Revised Version 2018 තවද, ඊට දැලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා, පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම්, එහි ගැටිය යට එය තැබී ය. Sinhala Revised Old Version ඔහු පූජාසනයට ඒකේ වැටියට යටින් ඒකේ මැද දක්වා යන දැල්කම් කළ මැස්සක්ද පිත්තලෙන් සෑදුවේය. |
ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳි ද පාත්‍ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය.