නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
ඒ දවස්වල දී ජුදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනවුත් ඒවා සහ මුද්‍රික පානය ද මිදි වලු ද අත්තික්කා පල ද සියලු ආකාර බර ද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේ දී ජෙරුසලමට ගෙනෙන බවත් මම දිටිමි. එහෙයින් සබත් දවසේ දී කිසිවක් නොවිකුණන ලෙස මම තරයේ කියා සිටියෙමි.
ඔබේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන් වහන්සේ මේ සියලු විපත්ති අප පිටත්, මේ නුවර පිටත් පැමිණෙවුවා නොවේ ද? එසේ වී නමුත්, ඔබ සබත් දවස කෙලෙසමින් ඉශ්රායෙල්වරුන් කෙරෙහි දේව උදහස වැඩිකරන්නහු ය”යි ඔවුන්ට කීවෙමි.
“සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න.
ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”
“නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි. මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි.
එබැවින් ජුදෙව්වරු, “අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය”යි සුවය ලැබූ මිනිසාට කී හ.