ඒ පොලුවල අගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගට තිබිණි. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ.
නික්මයාම 25:13 - Sinhala New Revised Version ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් ආලේප කොට Sinhala New Revised Version 2018 ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් ආලේප කොට Sinhala Revised Old Version ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් වසන්න. |
ඒ පොලුවල අගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගට තිබිණි. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ.
සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාර, මෝසෙස් විසින් අණ කරනු ලැබූ ලෙස, ලෙවීගේ පුත්‍රයෝ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවේ පොලු තමන්ගේ කරපිට තබාගෙන එය ගෙන ගියෝ ය.
තවද, එය සඳහා රන් වළලු හතරක් වාත්තු කොට, එක පැත්තකට වළලු දෙකක් ද අනික් පැත්තට වළලු දෙකක් ද බැගින් එහි කකුල් හතරේ ඒවා දැමිය යුතු ය.
පොලු ද ෂිටිම් ලීයෙන් සාදා, රනින් ආලේප කළ යුතු ය. මේසය මේවායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතු ය.
පසුව ඔහු දස පණතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය.
“ඉන්පසු රන් පූජාසනය මත නිල්වන් රෙදි කඩක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් එය වසා, උසුලාගෙන යන හරස් පොලු එහි දැමිය යුතු ය.
ඉන්පසු පූජාසනයේ මෙහෙයට භාවිත කරන සියලු ම භාණ්ඩ වන ධූම පාත්‍ර ද මස් කොකු ද හැඳි ද තලි ද එය මත තබා, පදම් කළ සම් ආවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොලු එහි දැමිය යුතු වේ.
ඉන්පසු පදම් කළ සම් ආවරණය එය මත දමා, මේ සියල්ල මත නිල් පාට රෙද්දක් ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යන හරස් පොලු ඊට දැමිය යුතු වේ.
පසුව මේවා පිට දම් පාට රෙද්දක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල වැසිය යුතු ය. මෙසේ කළ පසු මෙය උසුලාගෙන යෑමට හරස් පොලු දැමිය යුතු වේ.