ඔව්හු එකිනෙකාට කතා කරමින්, “එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ.
නික්මයාම 2:3 - Sinhala New Revised Version ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය. Sinhala New Revised Version 2018 ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය. Sinhala Revised Old Version තවත් ඔහු සඟවාගන්ට නොහැකිවූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා ගංඉවුරේ පන්ගස් අතරේ තැබුවාය. |
ඔව්හු එකිනෙකාට කතා කරමින්, “එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ.
තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ.
නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න.
එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.
ඒ රටින් බට පතුරුවලින් සාදාගත් නැව්වල නයිල් ගඟ දිගේ තානාපතීහු පැමිණෙති. ශීඝ්‍ර පණිවුඩකාරයන් වන ඔබ ආපසු ගෙදර යන්න. නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ වසන ඔබේ ශක්තිමත් බලසම්පන්න ජාතියට, සියලු දෙනා භීතියට පත් කර ඇති සෙනඟ වෙත පණිවුඩයක් රැගෙන යන්න.
මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය.
ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.
එකල හෙරොද් තෙමේ ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය.
ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය.