ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 15:5 - Sinhala New Revised Version

ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගැඹුරු ජලයෝ ඔවුන් වසාගනිති. ඔව්හු ගලක් මෙන් පතුලට කිඳුණෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 15:5
12 හුවමාරු යොමු  

තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක.


ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය; එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.


ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.


ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති. ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ.


භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය; ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක. ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ.


සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.


දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත.


“මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක. පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.


එතුමාණෝ අපට යළි අනුකම්පා කරන සේක; අපේ පව් පාගාදමන සේක; අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙළාදමන සේක.


“මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යමෙක් වේ ද, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත.


එවිට බලසම්පන්න දේව දුතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි.