සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත යන්න, මා ඔහුගේ සිත ද ඔහුගේ නිලධාරීන්ගේ සිත් ද දැඩි කෙළේ ඔවුන් මැද මාගේ මේ හාස්කම් පාන පිණිස ය.
නික්මයාම 11:9 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශයෙහි මාගේ ආශ්චර්යයන් බොහෝවන පිණිස ඵාරාවෝ නුඹලාට ඇහුම්කන් නොදෙන්නේයයි කීසේක. |
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත යන්න, මා ඔහුගේ සිත ද ඔහුගේ නිලධාරීන්ගේ සිත් ද දැඩි කෙළේ ඔවුන් මැද මාගේ මේ හාස්කම් පාන පිණිස ය.
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ මිසරයට ආපසු ගිය විට, මා නුඹට ඉටු කරන්න බලය දුන් ඒ සියලු හාස්කම් පාරාවෝ ඉදිරියෙහි පෑ යුතු ය. එහෙත්, මම ඔහුගේ හිත දැඩි කරමි. සෙනඟට පිට වී යාමට ඔහු ඉඩ නොදෙනු ඇත.