එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.
නික්මයාම 11:6 - Sinhala New Revised Version මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය. Sinhala New Revised Version 2018 මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය. Sinhala Revised Old Version කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය. |
එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.
පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
බලන්න, හෙට මේ වේලාවට පමණ, මිසරයේ ආරම්භයේ සිට අද දක්වා, එහි නුවූ විරූ, ඉතා දරුණු ගල් වර්ෂාවක් මම වස්වන්නෙමි.
මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය.
“ඒ දවසේ දී ‘මත්ස්‍ය ද්වාරයේ’ ඝෝෂාවක් ද නගරයේ දෙ වන කොටසින් කෑමොරගැසීමක් ද කඳුවලින් මහා ශබ්දයක් ද නුඹලාට ඇසෙනු ඇත.
ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ.