දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.
නාහුම් 1:4 - Sinhala New Revised Version උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි. Sinhala New Revised Version 2018 උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි. Sinhala Revised Old Version උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති. |
දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.
එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළොවේ පදනම් ද දිස් විය.
‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක; එය වියළුණේ ය. වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.
එම්බා රතු මුහුද! නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?
උල්පත් සහ ජල ධාරා මුදා හැරියේ ඔබ වහන්සේ ය; ගලන ගංගා වියළී යෑමට සැලසුවේත් ඔබ වහන්සේ ය.
දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.
මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි.
ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද?
මම නයිල් ගඟ වියළවා දේශය දුෂ්ටයන්ගේ අතට විකුණා දේශය ද එහි ඇති සියල්ල ද විදේශිකයන් ලවා පාළු කරවන්නෙමි. ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි.”
මුහුදේ මත්ස්‍යයෝ ද ආකාශයේ පක්ෂීහු ද වනයේ මෘගයෝ ද භූමියෙහි බඩගාන සියලු ම සත්ත්වයෝ ද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝ ද මා ඉදිරියෙහි වෙවුළන්නෝ ය. කඳු හෙළා දමනු ලබන්නටත්, උස් තැන් වැටෙන්නටත්, සියලු පවුරු බිම වැටෙන්නටත් යෙදෙනු ඇත.
ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”
හත්දින්න ද මුවසිරස ද මවාලන, රෑ අඳුර එළිය කරන, දිවා එළිය රෑ කරන, මුහුදු දියට හඬගසා පොළොව පුරා ගලා යවන, පවුරු හා බලකොටු පිට විනාශය පමුණුවන එතුමාණන්ගේ නම සමිඳාණෝ වන සේක.
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.
ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.