නාහුම් 1:3 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක, වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන්වහන්සේගේ මාර්ගය සුළිහුළඟෙහිද කුණාටුවෙහිද ඇත්තේය, වලාකුල් උන්වහන්සේගේ පාදවල ධූලිය. |
ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක.
අපේ දෙවිඳාණෝ වඩින සේක; නිහඬ ව නොසිටින සේක. එතුමන් අබිමුව විනාශකාරී ගින්නක් ඇත; එතුමන් සිසාරා චණ්ඩ මාරුතයක් හමයි.
දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.
සව් බලැති සමිඳාණෝ ගර්ජනාවෙන් ද මහත් ශබ්දයකින් ද සුළි සුළඟකින් ද කුණාටුවකින් ද විනාශකාරී ගින්නකින් ද ප්‍රකාශ වන සේක.
සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.
“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!
තවදුරටත් බලා සිටිය දී මම රාත්‍රි දර්ශනවල දී මෙසේ දිටිමි. මනුෂ්‍ය-පුත්‍රයා වැනි කෙනෙක් අහසේ වලාකුළු පිරිවරා අවුත් පෞරාණිකයාණන් වෙත එළඹුණේ ය. උන් වහන්සේ පෞරාණිකයාණන් වෙත පමුණුවනු ලැබූ සේක.
ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත.
වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.
ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
“එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙන සේක. උන් වහන්සේගේ ඊතලය විදුලිය මෙන් විහිදෙන්නේ ය. දෙවි ස්වාමීන් වහන්සේ සිය හොරණෑව පිඹ දකුණු දිශාවේ සුළිසුළං සමඟ ඉදිරියට වඩින සේක.
ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.
බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.