ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දේශනාකාරයා 6:8 - Sinhala New Revised Version

ප්‍රඥාවන්තයෙක් අඥානයෙකුට වඩා හොඳ යයි කියන්නේ කොහොම ද? ජීවිතයට මුහුණ පා දැනුම ලැබීමෙන් දුප්පතාට ඇති වාසිය කුමක් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ප්‍රඥාවන්තයෙක් අඥානයෙකුට වඩා හොඳ යයි කියන්නේ කොහොම ද? ජීවිතයට මුහුණ පා දැනුම ලැබීමෙන් දුප්පතාට ඇති වාසිය කුමක් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද අඥානයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද? ජීවත්වෙන්නන් ඉදිරියෙහි හැසිරෙන්ට දන්න දුප්පතාටත් ඇති වාසිය කුමක්ද?

පරිච්ඡේදය බලන්න



දේශනාකාරයා 6:8
9 හුවමාරු යොමු  

ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,


නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි. ඔබ කවදා මා වෙත වඩින සේක් ද? පිරිසිදු සිතින් මාගේ නිවෙසහි මම වාසය කරන්නෙමි.


එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.


අවංක ගතිගුණ ඇති දිළිඳා වංචා කතා කියන මෝඩයාට වඩා උතුම් ය.


වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය.


එයින් කිසි වැඩක් නැත. එය සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිෂ්ඵල ය. තව තවත් අමුතු දේ ලබන්න ආසා වීමට වඩා ලද දෙයින් සතුටු වී ජීවත් වීම හොඳ ය.


මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.


උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.