මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?
දේශනාකාරයා 2:8 - Sinhala New Revised Version මාගේ විජිතයෙහි වූ රාජකීය භාණ්ඩාගාරවලින් රන් රිදී ද වෙන සම්පත් ද රැස් කරගතිමි. ගායක ගායිකාවෝ මට ගී ගැයූ හ. මිනිසෙකුගේ ප්‍රීතිය සපුරාලීමට ඇති පමණ වනිතාවන් මම සපයාගතිමි. Sinhala New Revised Version 2018 මාගේ විජිතයෙහි වූ රාජකීය භාණ්ඩාගාරවලින් රන් රිදී ද වෙන සම්පත් ද රැස් කරගතිමි. ගායක ගායිකාවෝ මට ගී ගැයූ හ. මිනිසෙකුගේ ප්‍රීතිය සපුරාලීමට ඇති පමණ වනිතාවන් මම සපයාගතිමි. Sinhala Revised Old Version මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි. |
මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?
තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.
සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවේ සියලු භාජනත් තනි රනින් විය. කිසිවක් රිදීයෙන් නො වී ය. රිදී වනාහි සලමොන් රජුගේ කාලයේ දී අගය කොට නොසලකන ලදී.
ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ ඔහුගේ සිත නොමඟ යැවූ හ.
රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.
දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:
මේ සියල්ලෝ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස අත්තල් ද කුඩා වීණා ද මහා වීණා ද සහිත ව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගායනා කිරීමට තම පියා යටතේ සිටියෝ ය. ආසාප් ද ජෙදුතුන් ද හේමන් ද රජු යටතේ සිටියෝ ය.
රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරෙහිත් පඩිපෙළවල් ද ගායකයන්ට වීණා සහ කුඩා වීණා ද සෑදෙව්වේ ය. ඊට කලින් එබඳු ඒවා ජුදා දේශයේ නොදක්නා ලදී.
ඒ හැර ඔවුන්ගේ දාසදාසීහු හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසියයක් සිටියෝ ය.
හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.”
හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඔබට ඇසෙන විට, දණින් වැටී නෙබුකද්නෙශර් රජතුමා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්න රජතුමා අණ කොට ඇත.
ඒ අණ පරිදි, හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසුණු වහා ම, විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයා බිම වැටී නෙබුකද්නෙශර් රජු පිහිටෙවූ රන් රූපයට නමස්කාර කළහ.