ඔහු බලයට පත් වූ වහා ම ඔහුගේ රාජ්‍යය බිඳී කොටස් සතරකට බෙදී යන්නේ ය. ඔහුගේ දරු පරම්පරාවට කිසි උරුමයක් නොවන්නේ ය. ඔහුගෙන් පසු එන්නන්ට ඔහුගේ රාජ්‍යය වැනි රාජ්‍යයක් ඇති නොවන්නේ ය. ඔහුගේ රාජ්‍යය උදුරා දමනු ලැබ ඔවුන්ට නොව, අන්‍යයන්ට දෙනු ලබන්නේ ය.
දානියෙල් 8:22 - Sinhala New Revised Version ඒ අඟ බිඳී ගිය විට ඒ වෙනුවට තවත් අං සතරක් හටගත්තාක් මෙන් ග්‍රීසිය බිඳී ගොස් රාජ්‍යයන් සතරක් හටගන්නේ ය. එහෙත්, මේ එකක් වත් පළමු රාජ්‍යය තරම් බලවත් නොවන්නේ ය. Sinhala Revised Old Version ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ. |
ඔහු බලයට පත් වූ වහා ම ඔහුගේ රාජ්‍යය බිඳී කොටස් සතරකට බෙදී යන්නේ ය. ඔහුගේ දරු පරම්පරාවට කිසි උරුමයක් නොවන්නේ ය. ඔහුගෙන් පසු එන්නන්ට ඔහුගේ රාජ්‍යය වැනි රාජ්‍යයක් ඇති නොවන්නේ ය. ඔහුගේ රාජ්‍යය උදුරා දමනු ලැබ ඔවුන්ට නොව, අන්‍යයන්ට දෙනු ලබන්නේ ය.
ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.
මාගේ රාත්‍රි දර්ශනවලින් මා දුටු සතර වන මෘගයා භයානක, රෞද්‍ර, ඉතා ශක්තිමත් එකෙකි. ඌට විශාල යකඩ දත් තිබුණේ ය. ඌ ගොදුර පොඩි කර කා ගිලදැම්මේ ය; ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේ ය. කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස් ය. ඌට අං දසයක් තිබුණේ ය.
ඒ රාජ්‍යවල පාලනය අවසානයේ දී අපරාධකාරයන්ගේ පාප ඉහළට ම නැඟුණු කල, රෞද්‍ර පෙනුමක් ඇති, කපටි නුවණක් ඇති රජ කෙනෙක් පැම්ණෙන්නේ ය.
මා ඇස් ඔසවා බැලූ විට අං දෙකක් ඇති බැටළුවෙකු ගං ඉවුරෙහි සිටිනු දිටිමි. උගේ අං දිග ය. එහෙත්, එකක් අනිකට වඩා දිග ය. වඩා දිග එක හටගත්තේ පසු ව ය.
එළුවා මහා ආඩම්බරයෙන් සිය දස්කම් පෑවේ ය. එහෙත්, ඌ බලයෙන් අගතැන් පත් ව සිටිය දී උගේ මහ අඟ බිඳී ගියේ ය. ඒ වෙනුවට මහ අං සතරක් අහසේ සතර දෙසට නෙරා හටගත්තේ ය.
මම හිස ඔසවා බැලූ විට කඳු දෙකක් අතරෙන් රථ සතරක් පිට වී එනවා දිටිමි. ඒ කඳු ලෝකඩ කඳු ය.