ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 7:6 - Sinhala New Revised Version

ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉන්පසු තවත් එකෙකු දුටිමි; ඌ කොටියෙකු මෙන්ය, පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේය; ඒ මෘගයාට හිස් සතරකුත් තිබුණේය; ආණ්ඩු බලයද ඌට දෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 7:6
10 හුවමාරු යොමු  

‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය.


එවිට ඔහු මෙසේ කී ය: “මම නුඹ වෙත කුමන කරුණක් නිසා ආවෙම් දැ යි නුඹ දන්නෙහි ද? පළමු කොට මම පර්සියාවේ අධිපතියා සමඟ සටන් කරන්නට ආපසු යන්නෙමි. ඉන්පසු ග්‍රීසියේ අධිපතියා එන්නේ ය.


ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.


පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.


මා දුටු දෙ වන මෘගයා වලසෙකු හා සමාන ය. ඌ එක ඇළයකින් කෙළින් වී සිටියේ ය. උගේ කටේ දත් අතරේ ඉළ ඇට තුනක් තිබුණේ ය. ‘නැඟිට බොහෝ මස් කන්නැ’යි ඌට කියන ලද්දේ ය.


එබැවින් මම ඔවුන්ට සිංහයෙකු මෙන් වන්නෙමි; මඟ රැක සිටින දිවියෙකු මෙන් වන්නෙමි.


මා දුටු මෘගයා අඳුන් දිවියෙකුට සමාන ය. උගේ පාද වලසෙකුගේ පාද වැනි ය. උගේ කට සිංහයෙකුගේ කට වැනි ය. මකරා සිය පරාක්‍රමය ද සිංහාසනය ද මහා අධිපතිකම ද ඌට දුන්නේ ය.