ඔහු පස්සට හැරී ඔවුන් දැක සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කෙළේ ය, එවිට වැළහින්නන් දෙදෙනෙක් කැලෑවෙන් අවුත් ඒ ළමයින්ගෙන් සතළිස්දෙදෙනෙකු ඉරා දැමූ හ.
දානියෙල් 7:5 - Sinhala New Revised Version මා දුටු දෙ වන මෘගයා වලසෙකු හා සමාන ය. ඌ එක ඇළයකින් කෙළින් වී සිටියේ ය. උගේ කටේ දත් අතරේ ඉළ ඇට තුනක් තිබුණේ ය. ‘නැඟිට බොහෝ මස් කන්නැ’යි ඌට කියන ලද්දේ ය. Sinhala Revised Old Version තව මෘගයෙක් වන දෙවෙනියා වලසෙකුට සමානය, ඌ එක ඇළයකින් කෙළින්වී උන්නේය, ඉළඇට තුනක්ද උගේ කටෙහි උගේ දත් අතරේ තිබුණේය. නැගිට බොහෝ මස් කවයි ඌට කියනලද්දේය. |
ඔහු පස්සට හැරී ඔවුන් දැක සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කෙළේ ය, එවිට වැළහින්නන් දෙදෙනෙක් කැලෑවෙන් අවුත් ඒ ළමයින්ගෙන් සතළිස්දෙදෙනෙකු ඉරා දැමූ හ.
දැන් මම මේවා පිළිබඳ සත්‍යය නුඹට දන්වන්නෙමි. “පර්සියාව තුළ තව රජවරු තුන්දෙනෙක් පහළ වන්නාහ. සතරවැන්නා සියල්ලන්ට වඩා ධනවත් වන්නේ ය. ඔහුගේ වස්තුව කරණකොටගෙන ඔහු බලවත් වූ පසු ග්‍රීක් රාජ්‍යයට විරුද්ධ ව සියල්ලන් පොළඹවන්නේ ය.
ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.
‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.”
පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.
ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.
පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි.
මා දුටු මෘගයා අඳුන් දිවියෙකුට සමාන ය. උගේ පාද වලසෙකුගේ පාද වැනි ය. උගේ කට සිංහයෙකුගේ කට වැනි ය. මකරා සිය පරාක්‍රමය ද සිංහාසනය ද මහා අධිපතිකම ද ඌට දුන්නේ ය.