තවද, ජෝසෙප් තම පියාටත්, තම සහෝදරයන්ටත් එය දැන්වී ය. එවිට ඔහුගේ පියා ඔහුට බැණ වදිමින්, “නුඹ දුටු මේ සිහිනයේ තේරුම කුමක් ද? ඇත්තට ම, නුඹේ අම්මාත්, නුඹේ සහෝදරයෝත්, මමත් බිමට නැමී නුඹට ආචාර කරන්ට එන්නෙමු දැ”යි ඇසී ය.
දානියෙල් 7:28 - Sinhala New Revised Version මාගේ ස්වප්නයේ අවසානය එය වේ. මාගේ සිතිවිලිවලින් මම බොහෝ සේ කැළඹුණෙමි. මාගේ මුහුණ මලානික විය. ඒ කරුණු සියල්ල මාගේ සිතේ මම තබාගතිමි. Sinhala Revised Old Version කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතිවිලිවලින් බොහෝසෙයින් කැලඹුණෙමි, මා කෙරෙහි මාගේ මුහුණේ පාටද වෙනස්විය. නුමුත් කාරණය මාගේ සිතේ තබාගන උන්නෙමි. |
තවද, ජෝසෙප් තම පියාටත්, තම සහෝදරයන්ටත් එය දැන්වී ය. එවිට ඔහුගේ පියා ඔහුට බැණ වදිමින්, “නුඹ දුටු මේ සිහිනයේ තේරුම කුමක් ද? ඇත්තට ම, නුඹේ අම්මාත්, නුඹේ සහෝදරයෝත්, මමත් බිමට නැමී නුඹට ආචාර කරන්ට එන්නෙමු දැ”යි ඇසී ය.
එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මාගේ තොල් ස්පර්ශ කෙළේ ය. මම ද මාගේ කට ඇර මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ දර්ශනය දැකීමෙන් මම වේදනාවට පත් ව සිටිමි. ශක්තියක් ද මා තුළ නැත.
ඉතිරි ව සිටියේ මම පමණෙකි. මම ඒ දර්ශනය දිටිමි. මාගේ ශක්තිය පහ ව ගියේ ය. මාගේ කාන්තිමත් පෙනුම මලානික විය; කිසි ශක්තියක් මට නො වී ය.
මේ රජවරු දෙදෙනා ම වංචා සහගත සිත් ඇති ව එක මේසයේ හිඳගෙන ඔවුනොවුන්ට බොරු කියන්නෝ ය. එහෙත්, එයින් කිසි වැඩක් වන්නේ නැත. මන්ද, නියමිත කාලයක් පැමිණෙන්නට තිබෙන බැවිනි.
“දානියෙල්, නුඹ දැන් ගොස් අන්තිමය වන තුරු විශ්වාසවන්ත ව සිටින්න. නුඹ සැතපී, දවස්වල අන්තිමයේ දී නුඹේ කොටස භුක්ති විඳීමට නැඟිටින්නෙහි ය”යි කීවේ ය.
ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “දානියෙල්, නුඹ යන දිහාවට යන්න. මන්ද, මේ වචන රහසක් ව තබා අන්තිම කාලය දක්වා මුද්‍රා කොට තබා ඇත.
ඔහුගේ සිත මිනිස් සිතක් නොවන ලෙස වෙනස් වී මෘග සිතක් ඔහුට ලැබී, ඒ අයුරින් අවුරුදු සතක් ගතවුණා වේ.
එකල බෙල්ටෙෂෙසර් නම් ලත් දානියෙල් දර්ශනය ගැන ඇති වූ සිතුවිලිවලින් කැළඹී, මොහොතකට තුෂ්ණීම්භූත ව සිටියේ ය. රජතුමා ඔහු අමතා, “බෙල්ටෙෂෙසර් ස්වප්නය ගැන වත්, එහි තේරුම ගැන වත් නොකැළඹෙන්නැ”යි කී ය. බෙල්ටෙෂෙසර් මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ රජතුමනි, ස්වප්නය ඔබට ද්වේෂ කරන්නන්ටත්, එහි තේරුම ඔබේ සතුරන්ටත් අදාළ වේ වා!
එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය.
බෙල්ෂෙසර් රජුගේ පාලනයේ තුන් වන අවුරුද්දේ දී දානියෙල් වන මට ඉහත කී දර්ශනයට සමාන තවත් දර්ශනයක් පෙනුණේ ය.
එවිට ගාබ්‍රියෙල් නම් ඔහු මා සිටි තැනට ආවේ ය. ඔහු ආ විට මම බියපත් වී මුණින් වැටුණෙමි. එහෙත් ඔහු, “මනුෂ්‍ය පුත්‍රය, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට බව තේරුම්ගන්නැ”යි මට කීවේ ය.
“දේව උදහස අවසානයේ දී සිදුවන්නට යන දේ නුඹට දන්වමි. මන්ද, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට ය.
එවිට දානියෙල් නම් මම ක්ලාන්ත වී, දවස් ගණනක් අසනීප ව සිටියෙමි. ඉන්පසු මම නැඟිට රාජ සේවය කෙළෙමි. මම දර්ශනය ගැන පුදුමයෙන් පුදුමයට පත් ව සිටියෙමි. කිසිවෙකුට එය තේරුම් ගත නොහැකි විය.
එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ.
උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.
“මා කියන දේ සාවධාන ව සිතට ගන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබන සේකැ”යි වදාළ සේක.