ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 5:16 - Sinhala New Revised Version

ඔබට අර්ථකථනය කිරීමටත් ගැටපද විවරණය කිරීමටත් හැකි බව මම අසා ඇත්තෙමි. මෙම ලියවිල්ල කියවා එහි අර්ථය පහදා දීමට හැකි නම්, ඔබට රත්නිල් වස්ත්‍ර හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් මම ඔබ පත් කරමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹට නම් අර්ථ කියාදෙන්ටත් ගැටපද පහදාදෙන්ටත් පුළුවන් බව නුඹ ගැන ඇසුවෙමි. ඉතින් ලියවිල්ල කියවා, එහි අර්ථය මට දන්වන්ට නුඹට පුළුවන්වුණොත්, නුඹට රත් නිල් වස්ත්‍රයක් හඳවා, බෙල්ලේ රන් මාලයක් දමා, නුඹ රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයා කරනු ලබන්නෙහියයි කීවේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 5:16
9 හුවමාරු යොමු  

ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.


පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය.


ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය.


රජ තෙමේ දානියෙල් උසස් නිලයකට පත්කොට, අනේක විධ අගනා තෑගිබෝග ඔහුට දී, මුළු බබිලෝනි පළාතේ ආණ්ඩුකාරයා ද බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියා ද වශයෙන් පත් කෙළේ ය.


එහෙත්, ස්වප්නය ද එහි තේරුම ද ඔබ මට පෙන්වා දුන්නොත්, ඔබට තෑගිබෝග ද ගරු-නම්බු ද ලැබෙනු ඇත. ඒ නිසා ස්වප්නය ද එහි තේරුම ද මට පෙන්වන්නැ”යි කී ය.


එකල බෙල්ෂෙසර්ගේ අණ පිට දානියෙල් රක්ත-නීල වස්ත්‍රයක් හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා ය, කියා ඔහු ගැන ප්‍රසිද්ධ කරන ලද්දේ ය.


එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය.


ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය.


ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්,