නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.
දානියෙල් 5:15 - Sinhala New Revised Version මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය. Sinhala Revised Old Version මේ ලියවිල්ල කියවා එහි අර්ථය මට දන්වන පිණිස ශාස්ත්‍රවන්තයෝද අනවිනකාරයෝද මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය. නුමුත් කාරණාවේ අර්ථය පෙන්වන්ට ඔවුන්ට බැරිවිය. |
නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.
“මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”
දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත.