Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 5:14 - Sinhala New Revised Version

14 දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 දෙවිවරුන්ගේ ආත්මය නුඹ තුළ තිබෙන බව ද ආලෝකයත් නුවණත් උතුම් ප්‍රඥාවත් නුඹ තුළ තිබෙන බවද නුඹ ගැන ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 5:14
8 හුවමාරු යොමු  

එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.


ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත.


අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි:


එකල දානියෙල් තෙමේ රජු ඉදිරියට ගෙන්වන ලද්දේ ය. රජ තෙමේ දානියෙල් අමතා, “මාගේ පිය රජ්ජුරුවන් ජුදා රටින් අල්ලාගෙන ආ ජුදෙව්වන්ගෙන් එක් කෙනෙකු වන දානියෙල් ඔබ ද?


මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය.


දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය.


පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්