ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 3:3 - Sinhala New Revised Version

ඔවුන් සියලු දෙනා පැමිණ රන් රූපය ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද විනිශ්චයකාරයෝද භාණ්ඩාගාරිකයෝද මන්ත්‍රීවරුද නීතිඥයෝද පළාත්වල සියලු මුලාදෑනියෝද නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රූපය කැපකිරීමට රැස්වී, නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රූපය ඉදිරියෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 3:3
11 හුවමාරු යොමු  

තමා පිහිටෙවූ ඒ රූපය කැප කරන පිණිස, දිශාධිපතීන්ට ද අධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද විනිශ්චයකාරයන්ට ද භාණ්ඩාගාරිකයන්ට ද මන්ත්‍රීවරුන්ට ද නීතිඥයන්ට ද පළාත්වල සියලු මුලාදෑනීන්ට ද රැස් වන ලෙස රජතුමා නියෝග කෙළේ ය.


දිශාධිපතීහු ද අධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රජුගේ මන්ත්‍රීවරු ද ඔවුන් වටේ රැස් ව, ඒ තිදෙනාගේ ශරීරවලට ගින්නෙන් කිසි පීඩාවක් නුවූ බවත්, ඔවුන්ගේ කෙස්ගහක් වත්, පිළිස්සී නැති බවත්, ඇඳුම්වලට ගින්න වැදී නැති බවත්, ඔවුන්ගේ ඇඟපතේ ගිනි ගඳක් වත් නොවූ බවත් දුටුවෝ ය.


එවිට, රාජ ප්‍රකාශකයා මහ හඬින්, “විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයෙනි, මේ රාජාඥවට සවන් දෙන්න.


හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත.


මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති.


මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.