දානියෙල් 3:4 - Sinhala New Revised Version4 එවිට, රාජ ප්‍රකාශකයා මහ හඬින්, “විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයෙනි, මේ රාජාඥවට සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 එකල ප්‍රකාශකයා කෑමොරගසා: ජනයෙනි, ජාතීනි, භාෂාවෙනි, පරිච්ඡේදය බලන්න |
එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී.