ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 2:1 - Sinhala New Revised Version

නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 2:1
14 හුවමාරු යොමු  

එදා රාත්‍රියේ රජුට නින්ද නොගියේ ය. එබැවින් ඔහු සිහි කටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා පොත ගෙනෙන්නට අණ කෙළේ ය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේ ය.


ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය.


ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, “මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය.


මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ හාස්කම් ද අරුමපුදුම දේ ද ඔබට දැන්වීම මැනව යි මට පෙනිණි.


එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය.


එවිට බෙල්ෂෙසර් රජ අතිශයින් කැළඹී, මුහුණ මැලවී සිටියේ ය. ඔහුගේ උත්තමයෝ ද වියවුල් ව සිටියෝ ය.


රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කෙළේ ය; පුරුදු විනෝද ආස්වාද ද ප්‍රතික්ෂේප කෙළේ ය. ඔහුට කිසි නින්දක් නො වී ය.


බබිලෝනියේ රජ වූ බෙල්ෂෙසර්ගේ පළමු වන අවුරුද්දේ දී දානියෙල් සිය යහනේ සිටිය දී ස්වප්නයක් ද හිසට නැඟුණු දර්ශනයක් ද දුටුවේ ය. ඔහු ස්වප්නය ලිව්වේ ය; එහි වාර්තාව මේ ය:


දානියෙල් වන මාගේ සිත ශෝකාකූල විය; මාගේ හිසට නැඟුණ දර්ශනවලින් මම කැළඹුණෙමි.