Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:1 - Sinhala New Revised Version

1 ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:1
13 හුවමාරු යොමු  

ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:


ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ රාජ්‍ය කාලයෙහි තුන් වන අවුරුද්දේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ ජෙරුසලම ආක්‍රමණය කොට එය වටලාගත්තේ ය.


මිසර දේශය ගැන උන් වහන්සේ වදාළ දේ මෙය යි. ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී යුප්‍රටීස් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියා වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද මිසරයේ රජ වූ පාරාවෝ-නෙකෝගේ සේනාව ගැන මෙසේ වදාළ සේක:


ඔහුගේ සහෝදර වූ එලියාකීම් ජුදාහි සහ ජෙරුසලමෙහි රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. තවද, නෙකෝ ඔහුගේ සහෝදර වූ ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය.


බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධ ව පැමිණ, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේ ය.


ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.‍


ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.


ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී නේරියාගේ පුත් බාරුක් දිවැසිවර ජෙරමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියුවේ ය.


සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය.


සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙය ය:


ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් රජුගේ දවසේ සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,


නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්