දානියෙල් 12:5 - Sinhala New Revised Version එවිට දානියෙල් වන මම බැලූ විට, තවත් දෙදෙනෙකු සිටිනු දිටිමි. එක් කෙනෙකු ගඟෙන් මෙගොඩ ද එක් කෙනෙකු ගඟෙන් එගොඩ ද සිටිනු දිටිමි. Sinhala Revised Old Version එකල දානියෙල් වන මම බලා, තවත් දෙදෙනෙක්, එක්කෙනෙක් ගඟ මෙගොඩද එක්කෙනෙක් ගඟ එගොඩද, සිටිනවා දුටිමි. |
එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මාගේ තොල් ස්පර්ශ කෙළේ ය. මම ද මාගේ කට ඇර මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ දර්ශනය දැකීමෙන් මම වේදනාවට පත් ව සිටිමි. ශක්තියක් ද මා තුළ නැත.
“එහෙත් දානියෙල්, නුඹ මේ වචන රහසේ තබාගෙන අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු කිසිවක් කර කියාගත නොහැකි ව ඒ මේ අත දුවනු ඇත. දඬුවම බරපතල වන්නේ ය.”
එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, “මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි.