එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”
දානියෙල් 11:41 - Sinhala New Revised Version පලස්තීන දේශයටත් ඔහු කඩා වදින්නේ ය. රටවල් බොහොමයක් වැටෙන්නේ ය. එහෙත්, ඒදොම්, මෝවබ් හා අම්මොන්වරුන්ගේ ප්‍රධාන කොටස් ඔහුගේ අතින් බේරෙන්නේ ය. Sinhala Revised Old Version ඔහු අලංකාර දේශයටත් ඇතුල්වන්නේය, බොහෝ රටවල්ද වැටෙනවා ඇත. එහෙත් ඒදොම්ද මෝවබ්ද අම්මොන් පුත්‍රයන්ගේ ප්‍රධාන කොට්ඨාසයද ඔහුගේ අතින් ගැළවෙනවා ඇත. |
එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”
ඒ අය නම්: මිසරය, ජුදාව, ඒදොම්, අම්මොන්, මෝවබ් යන රටවල සිටින අය ද කාන්තාරයේ වාසය කරන හිසකේ කොටට කැපූ අය ද වෙති. මේ සියලු දෙනා ද ඉශ්රායෙල් වැසියන් සියලු දෙනා ද සිතෙහි පාප මල ඡේදනය නොකළ අය ය.”
සිරියාවේ රජ තමන් රිසි පරිදි කරන්නේ ය. ඔහුට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත. ඔහු පලස්තීනයේ සිය බලය පිහිටුවා එය සහමුලින් ම තම බලයට යටත් කරගන්නේ ය.
ඔහු මාලිගාවක් වැනි ඔහුගේ මණ්ඩපය මුහුදටත්, අලංකාර කන්දටත් අතරේ පිහිටුවන්නේ ය. එහෙත්, ඔහුගේ අවසානය පැමිණෙන්නේ ය. ඔහුට උපකාර කරන්නට කිසිවෙක් නොවන්නේ ය.”
එයින් එකකින් කුඩා අඟක් නික්මී දකුණටත්, නැගෙනහිරටත්, පලස්තීනය දෙසටත් ඉමහත් බලය පෑවේ ය.